Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2021 14:45:12 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු වෙත රෙජිමේන්තුවේ ගෞරවාචාර

උසස්වීම් ලද ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වන 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මනෝජ් ළමාහේවා සහ 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න වෙනුවෙන් ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් ඉකුත් (19) දින පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේදී පැවැත්විණ.

ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නව උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයන් සහ සම්මාන මුරයන්හී ගෞරවාචාරයන් පුද කළහ. පසුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති සහ කාලතුවක්කු හමුදා මූලස්ථානයේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සිය කාර්යාලයේදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත රෙජිමේන්තුවේ සියලුම නිලයන් වෙනුවෙන් සුභපැතුම් එක් කළේය. අනතුරුව, එම රෙජිමේන්තුවේ නිලධාරින් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි එතුමන්ලා 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා එ්කකයේ පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූහ.

නව මේජර් ජෙනරල්වරු තිදෙනා ඔවුන්ගේ නව උසස්වීම් වෙනුවෙන් දැක්වූ ගෞරවාචාරයන් වෙනුවෙන් අතීත සහ වර්තමාන නිලධාරීන් සහ රෙජිමේන්තුවේ සියලු නිලයන් වෙත සිය කෘතඥතාවය පළ කරනු ලැබූහ. affiliate link trace | Women's Sneakers