Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2021 14:00:24 Hours

නව වන්නි ආඥාපති බලප්‍රදේශයේ ක්‍ෂේත්‍ර සංචාරයක

වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙස මෑතකදී රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි 21 වන සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ ඇති බලසේනාවන් සහ ඒකකයන්හී ජනවාරි මස 21 සහ 22 යන දෙදින තුළ සංචාරය කළේය.

එහිදී වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන් 21 වන පාබල සේනාංක, 213 වන බලසේනාව, ප්‍රාදේශීය යුද්ධෝපකරණ ගබඩාව- ගජසිංහපුර, 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව, 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව, 7 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 211 වන බලසේනා මූලස්ථානය, 2 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවෙහි සංචාරයේ නිරත විය. එහිදි 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, 211 වන බසේනාවේ බලසේනාධිපති සහ ඒකක අණදෙන නිලධාරීන් විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ‍

එම කඳවුරු වෙත සපැමිණි නව ආඥාපතිතුමා වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළ අතර එම කඳවුරු පරිශ්‍රයන්හී පැල සිටුවීමට ද එතුමන්ට අරාධනා කෙරිණි. පසුව භටපිිරිස් ඇමතු එතුමන් වෙත එම ස්ථානයන්හී කාර්යභාරය විස්තර කළේය.

මෙම සංචාරයේ පිළිගැනීමේ උත්සව අවස්ථාවන් සඳහා 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, 213 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රසික කුමාර, 211 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.කේ.ආර් ජයකොඩි, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ 21 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එ්කක අණදෙන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. url clone | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf