Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2021 17:49:12 Hours

ගතවු පැය 24 තුළ තවත් මරණ හතරක් සිදුවී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 737 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 227 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 102 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 96 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 312 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (26) දින උදෑසන වනවිට, කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 55,226 වේ. ඉන් පුද්ගලයින් 45,180 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (26) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 59,166 ක් වන අතර ඉන් පුද්ගලයින් 50,336 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (26) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 8,543 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (26) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 653 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (26) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් දැරණියගල, වරකාගොඩ, පූජාපිටිය සහ බේරුවල යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (26) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 287 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (26) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 7,996 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (25) දිනය තුල PCR පරික්‍ෂණ 14,799 ක් සිදුකර ඇත. Buy Sneakers | Air Jordan Release Dates 2020