Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2021 22:00:00 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය ධුරයෙන් නික්ම යයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 20 වන ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් චින්තක ගමගේ සිය ධූරයෙන් නිකම යෑම නිමිත්තෙන් ‍හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් ඉකුත් සෙනසුරාදා (24) දින එම ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. එතුමන් වසර 34 ක නිකැළැල් හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකි.

නික්ම යන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නික්ම යන ආඥාපතිතුමන් සියලුම නිලයින් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ ආඥාපතිතුමන් සිය රාජකාරි කාලසීමාව තමාට දැක්වූ සහයෝගය වෙනුවෙන් සියලුදෙනාට ස්තූතිය පුද කළ අතර නව ආඥාපතිතුමන්ට ද එසේ සහයෝගය ලබාදෙන මෙන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර, බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය බ්‍රිගේඩියර් ශිරන්ත දිසනායක විසින් නික්මයන ආඥාපතිතුමන්ගේ සේවය ඇගයුමට ලක්කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

නික්මයන ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර, ජනවාරි මස 17 සිට 23 දක්වා කාලය තුළ බලප්‍රදේශයේ ස්ථාපිත සේනාංකයන් සහ ඉදිරි නඩත්තු ප්‍රදේශ - නැගෙනහිර මූලස්ථානයේ සංචාරයක නිරත වූහ. එහිදි එතුමන්ව ඉදිරි නඩත්තු ප්‍රදේශ - නැගෙනහිර ආඥාපති සහ සේනාංකාධිපතිවරුන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදි භටපිරිස් ඇමතු එතුමන් සිය ධූර කාලය තුළ තමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය ස්තූතිය පුද කළේය. Buy Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ