Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2021 10:15:07 Hours

66 වන සේනාංකයේ නව සේනාංකාධිපති ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර සංචාරයක

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක ඉකුත් සිකුරාදා (22) දින සිය බලප්‍රදේශයේ පිහිටි 63 වන බලසේනාවේ සහ ඒ යටතේ ඇති 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිල සංචාරයක නිරත විය.

661 වන බලසේනා මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන්ව එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාෂන ලියනගම විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ. ඉන් අනතුරුව 661 වන බලසේනාවේ බලසේනාධිපති සහ ඒ යටතේ ඇති ඒකකයන්හී අණදෙන නිලධාරීන් ඔවුන් වෙත පැවරි ඇති කාර්යභාර්යන් පිළිබදව සේනාංකාධිපතිතුමන් දැනුවත් කළේය.

පසුව, නව සේනාංකාධිපතිතුමන් 663 වන බලසේනාවේ සිදුකළ ප්‍රථම සංචාරය සංකේතවත් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව භට පිරිස් ඇමතීය. සංචාරය නිමාකරමින් 663 වන බලසේනා මූලස්ථානයේ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය. latest Running Sneakers | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes