Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2021 11:45:07 Hours

මෝසම් කාලගුණයෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ ඇතිවිය හැකි ආපදාවන් අවම කර ගැනීම සඳහා සාකච්ඡාවක්

මෝසම් වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය ප්‍රදේශයට ඇඳහැලෙන වර්ෂාපතනයෙන් ඇතිවිය හැකි ආපදාවන් අවම කර ගැනීම සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ අධීක්‍ෂණය යටතේ කිලිනොච්චියේ පිහිටි 571 වන බලසේනාව විසින් සංවිධානය කරනු ලැබු සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින එම බලසේනා මූලස්ථානයේදී පවත්වනු ලැබීය.

මෙහිදි වැසි සහිත කාළගුණයත් සමඟ ආපදා අවම කරමින් සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, බලසේනාධිපතිවරුන් සහ 57 වන සේනාංකයේ සියලුම ක්ෂේත්‍ර අණ දෙන නිලධාරීන් එක්ව සාකච්ඡා කළහ.

එම අවස්ථාව සඳහා කිලිනොච්චි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එම්. ගෝකුලරාජා මහතා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එස්. සෙන්තිල්කුමාරන් මහතා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරු එන් සරණකාන් මහතා, 573 වන බලසේනාවේ බලසේනාධිපති, 571 වන බලසේනාවේ බලසේනාධිපති, 57 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මණ්ඩලික, සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. Nike air jordan Sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger