Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2021 12:00:07 Hours

233 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූල්සථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය යටතේ ඇති 233 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් වසන්ත හේවගේ වාකරේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

233 වන බලසේනාව වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් සිය කාර්යාලයේදී නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතු නව බලසේනාධිපතිතුමන් සියලු නිල තේපැන් සංග්‍රහයකට ද සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ එම බලසේනා මූලස්ථානයේ සෙසුනියින් පිරිසක් සහභගී වූ අතර, එහිදි ඔවුන් නව බලසේනාධිපති වෙත සිය සුභපැතුම් ද එක් කළේය. Sportswear free shipping | UK Trainer News & Releases