Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2021 11:15:07 Hours

541 වන බලසේනවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

කර්නල් ලක්‍ෂමන් සමරදිවාකර 541 වන බලසේනාවේ 7 වන බලසේනාධිපති ලෙස එම බලසේනා මූලස්ථානයේදී ඉකුත් බදාදා (20) දින රාජකාරි ආරම්භ කළේය.

541 වන බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් 12 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකකයේ අණදෙන නිලධාරී විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව, ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් එතුමන් වෙත කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබිය.

ඉන් අනතුරුව නව බලසේනාධිපතිතුමන් සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය. පසුව එතුමන්ගේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කළ එතුමන් සියලු නිල තේපැන් සංග්‍රහයකට ද සහභාගී වුහ.

මෙම අවස්ථාව සඳහා ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ භටපිරිස් සහභාගී වූ අතර, ඔවුන් නව ධූරයේ රාජකාරීන් ඇරඹු බලසේනාධිපතිතුමන් වෙත සුභපැතුම් ද එක් කළේය. best shoes | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals