Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2021 13:42:41 Hours

විශ්‍රාම දිවියට පා තබන ප්‍රධාන සංඥා නිලධාරි වෙත ශ්‍රී ලංකා සංඥා බලකායේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් වසර 34 අධික කාලයක් රාජකාරී කර විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ට නිලධාරීයෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අධීප තිලකරත්න දේශය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට සේවය ඇගයීමට ලක්කරමින් ගෞරවාචාර පිරීනැමීමේ උත්සවයක් පානාගොඩ එම රෙජිමේන්තු මූලස්ථානයේදී ඉකුත් බදාදා (20) දින පවත්වන ලදී.

ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථානය වෙත සපැමිණි හිටපු ප්‍රධාන සංඥා නිලධාරි එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් අශෝක ගුණසේකර විසින් උණූසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් ජ්‍යෙෂ්ට නිලධාරිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. අනතුරුව, මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළ එතුමන් එම අවස්ථාවට සහභාගී වූ සියලු නිලයන් සමග සුහඳ අදහස් හුවමාරුවක ද නිරත විය.

අනතුරුව, සංඥා බලකායේ භටපිරිස් ඇමතූ එතුමන් සංඥා බලකා මූලස්ථානයේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය. විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් අධීප තිලකරත්න සහ එම මැතිණිය වෙනුවෙන් මෙදින උත්සවයේ අවසානය සනිටුහන් කරමින් නිලධාරි නිවස්නයේ රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි. එහිදි එතුමන් යුද්ධ හමුදාව වෙනුවෙන් සහ ශ්‍රී ලංකා සංඥා බලකාය වෙනුවෙන් සිදුකරනු ලැබු අනගි මෙහෙවර වෙනුවෙන් සමරුතිළිණයක් ද පිරිනමනු ලැබීය. යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරල් අධීප තිලකරත්න රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් පිටත්ව යන අවස්ථාවේ මඟ දෙපස රැදි සිටි නිලධාරීන් සහ සෙසුනිලයන් එතුමන් වෙත සමුගැනීමේ ගෞරවාචාරයන් ද පුද කළේය. trace affiliate link | Air Jordan