Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2021 14:25:24 Hours

212 වන බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලීන් පිරිසකගේ අනුග්‍රහකත්වය ඇතිව පාසල් උපකරණ සහ රෝද පුටු තොගයක් බෙදාදේ

කොළඹ ප්‍රදේශයේ දානපතියෙකුගේ අනුග්‍රහය ඇතිව වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකය යටතේ ඇති 212 වන බලසේනාවේ භටපිරිස් විසින් තන්තිරිමලේ ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදයම්ලාභි පවුල්වල ළමුන් සඳහා පාසල් පොත් සහ අවශ්‍යතා ඇති සිසුන් සඳහා රෝද පුටු තොගයක් 2021 ජනවාරි මස 11 සහ 14 යන දිනයන් තුළ බෙදාදෙන ලදී.

මෙම මනුසත් ක්‍රියාව සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත 212 වන පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ සම්බන්ධතාවයෙන් රාජා ජුවලර්ස් පුද්ගලික සමාගම විසින් අනුග්‍රහකත්වය දක්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 212 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස්, 21 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී සහ පරිත්‍යාගශීලීන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ. short url link | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify