Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2021 17:50:05 Hours

නික්මයන යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් යාපනය අර්ධද්වීපයේ ආගමික පූජකයින් සහ රාජ්‍ය නිලධාරීන් හමුවේ

යාපනය අර්ධද්වීපයේ ජීවත් වෙන සිවිල් වැසියන් වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකරමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ඉකුත් (16) දින යාපනය අර්ධද්වීපයේ ආගමික පූජකයින් සහ රාජ්‍ය නිලධාරීන් හමුවී ආශීර්වාද ලබාගනිමින් සුහඳ පිළිසදරක නිරත විය.

ආඥාපතිතුමන් යාපනය ශ්‍රී නාගවිහාරයේ වත්මන් ප්‍රධාන සංඝනායක මීගහජඳුරේ ශ්‍රී විමලදේව හිමියන් සහ යාපනය අගරදගුරු ගරු ආචාර්ය ජස්ටින් බී ඥානප්‍රගාසම් සහ නල්ලූර් කෝවිලේ හි ප්‍රධාන පූජකතුමන් හමුවී ආශීර්වාද ලබා ගත්හ.

ඉන් අනතුරුව එතුමන් යාපනය දිස්ත්‍රික් ලේකම් කේ මහේසන් මහතා සහ උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන මහත්වරුන් හමුවී සුහඳ පිළසඳරක ද නිරත වූහ. එතුමන් නුදුරේදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරීන් භාර ගැනීමට නියමිතව ඇත. jordan Sneakers | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf