Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2021 17:40:05 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් රංජන් ලමාහේවා

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ 19 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් රංජන් ලමාහේවා ඉකුත් සිකුරාදා (15) දින රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. එසේම, 14 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද එතුමන් රාජකාරි කරනු ලබයි.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එම්. තිලකරත්න විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීය. ඉන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් නව රෙජිමේන්තු අධිපතිතුමන් මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පොපහාර පුද කළේය. පසුව, නව රෙජිමේන්තු අධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි කටයුතු භාරගත්තේය.

ඉන් අනතුරුව, වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාය ද එතුමන් වෙත පිරිනැමීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව රෙජිමේන්තු අධිපතිතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී භටපිරිස් අමතමින් එතුමන්ගේ ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව සිටියහ. උත්සවය අවසානයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයට ද නව රෙජිමේන්තු අධිපතිතුමන් එක්විය. Running Sneakers Store | Nike Air Force 1 , Sneakers , Ietp STORE