Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2021 15:40:05 Hours

කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සංචාරයක

කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමිල මුණසිංහ ඉකුත් සෙනසුරාදා (09) දින කන්තලේ පිහිටි 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය. එහි සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල්.ඩබ්ලිව්.බී. රිද්මහාලියද්ද විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, අණදෙන නිලධාරීතුමන් ඒකකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ බලසේනාධිපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් ඇමතීය. පසුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරික්‍ෂණ සංචාරයක නිරතවෙමින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබැලීය.

ඉන් අනතුරුව, මෙම සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වු පොතෙහි සමරු සටහනක් තැබු බලසේනාධිපතිතුමන් 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව යටතේ ස්ථාපිත 51 වන බතරොයියේ (Battery) සංචාරය කළේය. Nike footwear | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Worldarchitecturefestival