Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2021 08:30:54 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක, බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන්

කොළඹ 2 පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 10 වන කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන් ඉකුත් අඟහරුවාදා (12) දින එම මුලස්ථාන පරිශ්‍රයේ පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, යුද්ධ හමුදා මුලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ධුරය හොබවන අතරතුරු නව ධුරයේ ද රාජකාරී භාරගෙන ඇත.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිලම් හේරත් විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායකතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදාකුල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරාවාචාරය එතුමන් වෙත පිරිනැමීය.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ නව කර්නල් සේනාවිධායකතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

නව කර්නල් සේනාවිධායකතුමන්ට සුබපැතුම් එක් කිරීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් මෙම අවස්ථාවට සිටියහ. jordan release date | Nike