Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2021 07:15:45 Hours

ඉංජිනේරු සේවා බලකායේ 71 වන සංවත්සවය අභිමානවත් අයුරින් සමරයි

ඉංජිනේරු සේවා බලකායේ 71 වන සංවත්සරය, එම බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ ගේ උපදෙස් මත ඉකුත් ඉරිදා (10) දින අභිමානවත් අයුරින් සමරන ලදී.

සංවත්සර දිනයේ, රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි කර්නල් සේනාවිධායකතුමන් වෙත ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.

ඉන් අනතුරුව, කර්නල් සේනාවිධායකතුමන් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කළේය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ කර්නල් සේනාවිධායකතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

සංවත්සර වැඩසටහනට ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව සිටියහ. Nike Sneakers Store | Air Jordan