Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2021 09:30:54 Hours

112 වන බලසේනාවේ නව බලසේනාධිපති, බ්‍රිගේඩියර් අරුණ දිසානායක

බදුල්ලේ පිහිටි 112 වන බලසේනාවේ 12 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් අරුණ දිසානායක ඉකුත් සඳුදා (11) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

බලසේනා මුලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන්, එම බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමන ලදී. ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් අරුණ දිසානායක ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල නව බලසේනාධිපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. මීට ප්‍රථම, බ්‍රිගේඩියර් අරුණ දිසානායක පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කරන ලදී.

පසුව, නව බලසේනාධිපතිතුමන් නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතූ අතර මෙම උත්සවයට අණදෙන නිලධාරීන් සහ බලසේනාවේ මණ්ඩලික නිලධාරි එක්ව සිටියහ. බ්‍රිගේඩියර් අරුණ දිසානයක 112 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරී භාරගැනීමට ප්‍රථම එම තනතුර හෙබවු බ්‍රිගේඩියර් ප්‍රසන්න එදිරිවීර යුද්ධ හමුදා මුලස්ථානයට අනුයුක්ත කෙරිණි. Nike Sneakers | youth nike kd low tops orange , Nike Air Max , Iicf