Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2021 17:01:53 Hours

යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, මේජර් ජෙනරල් වසන්ත මාදොල

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මේජර් ජෙනරල් වසන්ත මාදොල බ්‍රහස්පතින්දා (14) දින නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස යුද්ධ හමුදා මුලස්ථානයේ දී පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී කටයුතු භාරගත් මේජර් ජෙනරල් වසන්ත මාදොල මීට ප්‍රථම, කොස්ගම පිහිටි භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ ආඥාපති ලෙස රාජකාරි කර ඇත.

මෙම අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

මේජර් ජෙනරල් වසන්ත මාදොල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විධායක නිලධාරී, උතුරු ඉදිරි නඩත්තු පෙදෙසේ මාණ්ඩලින නිලධාරී I, ගිරිතලේ පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී, 23 වන සේනාංකයේ කර්නල් (පාලන හා භඨකාර්ය සම්පාදන) සහ සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ බ්‍රිගේඩියර් (පාලන හා භඨකාර්ය සම්පාදන) ඇතුළු අණදීම්, උපදේශක සහ මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත.

වර්ෂ 1986 ජනවාරි මස 16 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙඩෙට් නිලධාරීයෙකු ලෙස එක්වූ මේජර් ජෙනරල් වසන්ත මාදොල, 1986 සැප්තැම්බර් මස 20 වන දින අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අනුයුක්ත කෙරිණි. Mysneakers | adidas NMD Human Race