Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2021 06:00:45 Hours

විදේශීය රටවල සිට ශ්‍රී ලාංකීකයන් රැගත් තවත් ගුවන් යානා කිහිපයක් දිවයිනට පැමිණි බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (14) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 692 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 687 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 223 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 233 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (14) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 46,435 වේ. ඉන් පුද්ගලයින් 40,509 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (14) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 50,231 ක් වන අතර ඉන් පුද්ගලයින් 43,266 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (14) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,718 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (14) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 646 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (14) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් බත්තරමුල්ල, කොළඹ 15 සහ කොළඹ 10 යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (14) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 247 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (14) දින උදෑසන UL 1508 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 66 දෙනෙකු, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 45 දෙනෙකු සහ UL 471 දරණ මගී ගුවන් යානය මගින් දකුණු කොරියාවේ සිට පුද්ගලයින් 95 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේම, අද (14) දිනය තුළ ET 8699 දරණ මගී ගුවන් යානය මගින් ඉතියෝපියාවේ සිට තවත් පුද්ගලයින් පිරිසක්, WY 371 දරණ මගී ගුවන් යානය මගින් ඕමානයේ සිට පුද්ගලයින් 50 දෙනෙකු, TST 7845 දරණ මගී ගුවන් යානය මගින් නේදර්ලන්තයේ සිට පුද්ගලයින් 12 දෙනෙකු, UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 31 දෙනෙකු, UL 184 දරණ මගී ගුවන් යානය මගින් පකිස්තානයේ සිට පුද්ගලයින් දෙදෙනෙකු, TK 730 දරණ මගී ගුවන් යානය මගින් තුර්කියේ සිට පුද්ගලයින් 08 දෙනෙකු, UL 206 දරණ මගී ගුවන් යානය මගින් ඕමානයේ සිට පුද්ගලයින් 290 දෙනෙකු, UL 1206 දරණ මගී ගුවන් යානය මගින් ඊශ්‍රලයේ සිට පුද්ගලයින් 119 දෙනෙකු සහ EK 648 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 75 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (14) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 81 ක් තුළ පුද්ගලයින් 6,703 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (13) දිනය තුල PCR පරික්‍ෂණ 14,329 ක් සිදුකර ඇත. Nike air jordan Sneakers | nike air force 1 shadow , eBay