Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2021 07:30:54 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ශාන්ත හේවාවිතාරණ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ තවත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන යුද්ධ හමුදා මුලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් ශාඛාවේ උපකරණ මාස්ටර් ජෙනරල් මෙන්ම සන්නද්ධ බුද්ධි බලකායේ රෙජිමේන්තු අධිපති මේජර ජෙනරල් ශාන්ත හේවාවිතාරණ අඟහරුවාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ශාන්ත හේවාවිතාරණ සමඟ අදහස් හුවමාරු කරගත් අතර දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අමිල සේවයක් ඉටුකළ මේජර් ජෙනරල් ශාන්ත හේවාවිතාරණ යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත. යුද්ධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් ශාන්ත හේවාවිතාරණ සිදුකළ කැපී පෙනෙන දායකත්වය යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී අගය කළේය.

නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාව වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළ අතර සිය රාජකාරී ඉටු කිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් තමාට ලබාදුන් දිරීගැන්වීම් පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය. මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් අතර සමරුතිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. url clone | Air Jordan