Header

Sri Lanka Army

Defender of the Nation

08th January 2021 14:34:11 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක 5 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානයේ සංචාරයක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය ඉකුත් සඳුදා (04) දින පාදුක්ක ප්‍රදේශයේ පිහිටි 5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක නිරත විය.

5 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානය වෙත සපැමිණි කර්නල් සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එම ඒකකයේ භටපිරිස් විසින් පිරිනැමීමෙන් අනතුරුව 5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩි.එම්.අයි.එස්. බණ්ඩාර විසින් කර්නල් සේනාවිධායකතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ කර්නල් සේනාවිධායකතුමන් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. ඉන් අනතුරුව භටපිරිස් ඇමතූ කර්නල් සේනාවිධායකතුමන් සංඥාකරුවන්ගේ අනාගත සංවර්ධනය උදෙසා එතුමන්ගේ දැක්ම අවධාරණය කළේය. පසුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කර්නල් සේනාවිධායකතුමන් වෙත සමරුතිළිණයක් ද පිරිනැමීය.

මෙම සංචාරය අවසානයේ නිලධාරී නිවස්නයේ සියලු නිලධාරීන් සමඟ පැවැති දිවාභෝජන සංග්‍රයකට එක්වූ කර්නල් සේනාවිධායකතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරුසටහනක් ද තැබීය.

කර්නල් සේනාවිධායකතුමන් සමගින් මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් අශෝක ගුණසේකර සහ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩිලන්ත ප්‍රනාන්දු එක්වූහ. short url link | Autres