Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2021 14:05:30 Hours

පසුගිය පැය 24 තුළ වෛරසය ආසාදිත පුද්ගලයින් 525 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 525 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 524 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 193 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94 ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 181 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (09) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 43,525 වේ. ඉන් පුද්ගලයින් 37,559 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (09) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 47,304 ක් වන අතර ඉන් පුද්ගලයින් 40,316 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (09) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,763 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (09) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 656 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (09) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් හොරණ, රත්නපුර සහ කොළඹ 14 යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (09) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 225 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (09) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 44 දෙනෙකු, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 31 දෙනෙකු, UL 226 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 152 දෙනෙකු, UL 232 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 144 දෙනෙකු, UL 1026 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 45 දෙනෙකු සහ UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 95 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේම, අද (09) දිනය තුළ UL 867 දරණ මගී ගුවන් යානය මගින් චීනයේ සිට පුද්ගලයින් 12 දෙනෙකු සහ WY 373 දරණ මගී ගුවන් යානය මගින් ඕමාන් සිට පුද්ගලයින් 50 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (09) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 73 ක් තුළ පුද්ගලයින් 5,684 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (08) දිනය තුල PCR පරික්‍ෂණ 15,472 ක් සිදුකර ඇත. Sports News | Air Jordan Sneakers