Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2021 11:05:30 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු නිවාස ව්‍යාපෘතිය යටතේ රණක්‍ෂිතයට පත් තවත් රණවිරුවන් තිදෙනෙකුට හිසට සෙවණක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව කුරුණෑගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව විසින් ක්‍රියාවට නැංවූ විශේෂ නිවාස ව්‍යාපෘතිය යටතේ තවත් නිවාස 03 ක්, වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවැති මානුෂිය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ විරෝදාර රණවිරුවන් තිදෙනෙකු වෙනුවෙන් ඉදිකරන ලදී.

යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු අරමුදල් මගින් ලද ප්‍රතිපාදන යොදාගනිමින් රෙජිමේන්තු මුලස්ථාන බළඇණියේ, 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සහ 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවය කරන භටපිරිස් විසින් නව නිවාස තුන ඉදිකිරීම සඳහා ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී.

රණක්‍ෂිතයට පත් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ලාන්ස් කෝප්‍රල් පී.ඩි.ටි. ප්‍රියදර්ශන, සාමාන්‍ය සෙබල ජි.එච්.එන්. දිසානායක සහ සාමාන්‍ය සෙබළ චමින්ද කුමාර යන විරෝදාර රණවිරුවන් තිදෙනා වෙනුවෙන් ඉදිකළ නව නිවාසයක් සඳහා රුපියල් මිලියන 1.5 ක් වැය කෙරිනි.

ඒ අනුව, අභිනවයෙන් ඉදිකල නිවාස විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ සහභාගි වූ අතර ඉකුත් ඉරිදා (03) දින පැවැති මෙම උත්සවයේදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව නිවාසලාභීන් වෙත නව නිවෙස්හි යතුරු පිරිනැමීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ. Sportswear Design | Air Jordan