Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2021 11:25:30 Hours

පසුගිය පැය 24 තුළ වෛරසය ආසාදනය වී පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (08) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 532 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 525 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 226 ක් ලෙසය. ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 72 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 177 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (08) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 43,001 ක් වේ. ඉන් පුද්ගලයින් 36,903 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (08) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 46,779 ක් වන අතර ඉන් පුද්ගලයින් 39,660 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (08) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,897 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (08) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 638 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (08) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් මීතිරිගල, කොළඹ 14 සහ බේරුවල යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (08) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 222 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (08) දින උදෑසන 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 29 දෙනෙකු, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 30 දෙනෙකු, UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 45 දෙනෙකු සහ UL 605 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 157 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේම, අද (08) දිනය තුළ UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 30 දෙනෙකු, UL 1208 දරණ මගී ගුවන් යානය මගින් ඉතාලියේ සිට පුද්ගලයින් 32 දෙනෙකු, UL 190 දරණ මගී ගුවන් යානය මගින් බංගලාදේශයේ සිට පුද්ගලයින් 10 දෙනෙකු, PQ 555 දරණ මගී ගුවන් යානය මගින් යුක්රේනයේ සිට පුද්ගලයින් 159 (සංචාරකයින්) දෙනෙකු, UL 320 දරණ මගී ගුවන් යානය මගින් මැලේසියාවේ සිට පුද්ගලයින් 05 දෙනෙකු, UL 1708 දරණ මගී ගුවන් යානය මගින් දකුණු අප්‍රිකාවේ සිට පුද්ගලයින් 35 දෙනෙකු, EK 648 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 75 දෙනෙකු සහ SQ 468 දරණ මගී ගුවන් යානය මගින් සිංගප්පුරුවේ සිට පුද්ගලයින් 19 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (08) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 78 ක් තුළ පුද්ගලයින් 5,782 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (07) දිනය තුල PCR පරික්‍ෂණ 15,041 ක් සිදුකර ඇත. best Running shoes | Air Jordan