Header

Sri Lanka Army

Defender of the Nation

04th January 2021 06:00:45 Hours

අතහැර දැමු නිවසක තිබි තවත් කහ තොගයක් අත්අඩංගුවට

මන්නාරම පිහිටි 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 543 වන බලසේනාවට අයත් 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් ඉරිදා (2) දින තාරවන්කෝට්ටෙයි ප්‍රදේශයේ අතහැර දැමු නිවසක් සෝදිසි කිරීමේදී නීතිවිරෝධි ලෙස ජාවාරම් කිරීමට සඟවා තිබු කහ කිලෝග්‍රෑම් 125 ක් අත්අඩංගුවට ගැනිමට සමත්විය.

රුපියල් ලක්‍ෂ 7.5 කට අධික වටිනාකමින් යුත් මෙලෙස අත්අඩංගුවට ගත් කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදුන්නේය. මත්ද්‍රව්‍ය, මත්කුඩු සහ ජාවාරම් කරුවන්ගේ ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා රජය විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙල සඳහා ත්‍රිවිධ හමුදා විසින් පසුගිය දින කිහිපය තුළ මන්නාරම ඇතුළු විවිධ ස්ථානයන්හී සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය සහ කහ ඇතුළු ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ. latest jordan Sneakers | Mens Flynit Trainers