Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2021 14:45:43 Hours

අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 28 දෙනෙකුට පාසල් උපකරණ බෙදාදෙයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 543 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමෙන්තුවේ භටපිරිස් ඉකුත් ඉරිදා (27) දින සෙල්වරි ගම්මානයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 28 දෙනෙකු අතර 2021 අධ්‍යයන වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් බෙදාදෙන ලදී.

11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ ඉල්ලීමකට අනුව කොළඹ සිට පැමිණි පරිත්‍යාගශීලි තාරකා දමින්ද මහතා මෙලෙස පාසල් උපකරණ තොගයක් සිසුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට අනුග්‍රහය දැක්විය. මෙම අවස්ථාවට නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගි වුහ. Nike air jordan Sneakers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C