Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2021 18:07:43 Hours

කිලිනොච්චි ළමා නිවාස දෙකක ළමුන් 300 දෙනෙකුට පාසල් උපකරණ බෙදාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති ශාමිනි කොටුවේගොඩ මහත්මිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම ප්‍රදේශයේ සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් කොළඹ ප්‍රදේශයේ පදිංචි සුරේන් ද සිල්වා මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයින්ගේ අනුග්‍රහය ඇතිව කිලිනොච්චි ප්‍රදේශයේ ළමා නිවාස දෙකක ළමුන් 300 දෙනෙකු වෙත පාසල් උපකරණ, කියවීම් පොත් ඇතුළු උපකරණ රැසක් ඉකුත් ඉරිදා (03) දින බෙදාදෙන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නිලධාරීන්ගේ අවධානයට ලක්වූ මහදේව ස්වාමිගල් ළමා නිවාසයේ සහ අරිවිචෝලායි ළමා නිවාසයේ ළමුන් වෙත මෙලෙස පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි. මෙය සාර්ථක කරගැනීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් සෝමවීර, කර්නල් සංජය වර්ණසේකර සහ ලුතිනන් කර්නල් පී විතානගේ එක්ව කටයුතු කළහ. පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයට කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ සහ එම මැතිණිය සහභාගි වූ අතර පරිත්‍යාගශීලින් සහ සම්භාවනීය ආරාධිතයින් ද එක්ව සිටියහ.

මෙම අවස්ථාවට 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සෙනරත් යාපා, 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ධම්මික වෙලගෙදර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පී.එම්.ඩයස් ඇතුළු සම්භාවනීය ආරධිතයින් සහ ළමුන් රැසක් සහභාගි වූහ. best Running shoes brand | Nike Dunk - Collection - Sb-roscoff