Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2021 11:20:39 Hours

24 වන සේනාංකයේ භටපිරිස් ළමා නිවාසයකට ප්‍රණිත ආහාරවේලක් පිරිනමයි

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් නත්තල් දින (25) මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ පිහිටි ලඳනි ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් විශේෂ නත්තල් වැඩසටහනක් පවත්වා ප්‍රණීත රාත්‍රි ආහාරවේලක් පිරිනැමීය.

කැලිප්සෝ සංගීතයෙන් විනෝදාස්වාදයට පත් ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙත මනුසත් දෙරණ සහ රංගිරි ශ්‍රී මාධ්‍ය සමුහයේ අනුග්‍රහය ඇතිව ත්‍යාග පාර්සල් තොගයක් මෙහිදි බෙදාදුන්හ. Nike footwear | Sneaker & Lifestyle News