Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2021 10:45:39 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පාසල් සිසුන් 50 කට පාසල් උපකරණ ප්‍රදානය කෙරේ

අතහිත පදනමේ සම්බන්ධිකරණ ලේකම් ප්‍රසාද් ලොකුබාලසුරිය මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර හා කොළඹ රාජකීය විද්‍යාලයේ ඔහුගේ සමකාලීන මිතුරන්ගේ අනුග්‍රහය ඇතිව රුපියල් 4000 ක පමණ වටිනාකමින් යුත් පාසල් පොත් සහ අනෙකුත් පාසල් උපකරණ අඩංගු ත්‍යාග පාර්සල් තොගයක් ඕඩ්ඩුසුඩාන් අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 50 දෙනෙකු අතර ඉකුත් බ්‍රහස්පතින්දා (31) දින බෙදාදෙන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් පල්ලවල විසින් ලබාදුන් උපදෙස් මත එම සේනාංක මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් පැවැත්විණි. එසේම, පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් පල්ලවල සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා 643 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ටිරාල් ද සිල්වා, 64 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අතහිත පදනමේ සාමාජිකයින්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් සහභාගී වූහ. latest jordans | Entrainement Nike