Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2021 11:00:39 Hours

පසුගිය පැය 24 තුළ වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 403 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (04) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 403 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 81 ක් ලෙසය. ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 30 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 236 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (04) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 41,009 ක් වේ. ඉන් පුද්ගලයින් 34,494 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (04) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 44,773 ක් වන අතර ඉන් පුද්ගලයින් 37,251 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (04) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,309 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (04) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 535 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (04) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් වැලිපැන්න සහ කොළඹ 15 යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (04) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 213 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (04) දින උදෑසන UL 1264 දරණ මගී ගුවන් යානය මගින් සවුදි අරාබියේ සිට පුද්ගලයින් 50 දෙනෙක් සහ QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 27 දෙනෙක් මෙරටට පැමිණ ඇත. එසේම, අද (04) දිනය තුළ UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් දෙදෙනෙකු, UL 184 දරණ මගී ගුවන් යානය මගින් පකිස්තානයේ සිට එක් පුද්ගලයෙකු, PQ 555 දරණ මගී ගුවන් යානය මගින් යුක්රේනයේ සිට පුද්ගලයින් 95 දෙනෙක් සහ UL 186 දරණ මගී ගුවන් යානය මගින් පකිස්තානයේ සිට පුද්ගලයින් 10 දෙනෙක් දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (04) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 79 ක් තුළ පුද්ගලයින් 4,580 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (03) දිනය තුල PCR පරික්‍ෂණ 10,719 ක් සිදුකර ඇත. jordan Sneakers | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet