Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2021 10:27:39 Hours

දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි රාජ්‍ය ප්‍රතිඥාව ප්‍රකාශයට පත් කරමින් නව වසරේ වැඩ කටයුතු අරඹයි

2021 නව වසර උදාවත් සමඟ ජනවාරි මස 01 දින ජාතික ධජය හා යුද්ධ හමුදා ධජය ඔසවා, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කර රාජ්‍ය ප්‍රතිඥාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දිවයින පුරා සියලුම ආරක්‍ෂක සේනා මුලස්ථානයන්හි නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ උත්සවයේදී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ සහ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී විසින් පිළිවෙලින් ජාතික ධජය සහ යුද්ධ හමුදා ධජය ඔසවා දිනයේ වැඩ කටයුතු ආරම්භ කිරිම සනිටුහන් කෙරිනි. මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියලුදෙනා එක්ව ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්‍ෂා කළහ. ඉන් අනතුරුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් නව වසර වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිඥාව ප්‍රකාශයට පත් කළේය.

මෙම උත්සවය අවසානයේ භටපිරිස් අමතමින් රටේ සංවර්ධනය උදෙසා තමන්ට පැවරී ඇති වගකීම අවබෝධ කරගැනීමේ වටිනාකම අවධාරණය කළ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විනයගරුක පුරවැසියන් ලෙස මාතෘ භූමියට විශ්වාසවන්තව සේවය කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. පසුව, කොවිඩ්-19 වෛරසය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කපිතන් ආර්.ප්‍රනාන්දු විසින් පවත්වන ලදී.

එමෙන්ම, මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව වසරේ පළමු දින වැඩ ආරම්භ කිරීමේ උත්සවය මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් හමුදා සම්ප්‍රදායානුකූලව ඉකුත් සිකුරාදා (01) දින පැවැත්විණි. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවුඩය මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රයකට සියලුදෙනා එක්වූහ.

මීට අමතරව, පනාගොඩ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව වසරේ පළමු දින වැඩ ආරම්භ කිරීමේ උත්සවය බටහිර ආක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ ගේ ප්‍රධානත්වයෙන් හමුදා සම්ප්‍රදායානුකූලව පැවැත්විණි.

එහිදි, භටපිරිස් ඇමතූ බටහිර ආරක්‍ෂක සේනා ආඥපාතිතුමන් විනයගරුක පුරවැසියන් ලෙස මාතෘ භූමියට විශ්වාසවන්තව සේවය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. ඉන් අනතුරුව, කොවිඩ්-19 වෛරසය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරී විසින් සිදුකරන ලදී.

මේ අතර, 2021 වර්ෂය සඳහා සියලුම නිලධාරීන්ට සහ සෙසුනිලයින්ට සුබපැතුම් එක් කරමින් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පැවැති නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උත්සවය කටයුතු ආරම්භ කරමින් ජාතික ධජය සහ යුද්ධ හමුදා ධජය ඔසවා ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්‍ෂා කළහ. පසුව, කොවිඩ්-19 වෛරසය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් වෛද්‍ය නිලධාරීයෙකු විසින් පවත්වන ලදී. තවද, මෙම උත්සවය අතරතුරදී, රාජ්‍ය ප්‍රතිඥාවට දිවුරුම්දීම සහ යුද්ධ හමුදාධිපතිතුමන් නව වසර වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය කියවීම සිදුවිය.

මෙම අවස්ථාවට බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් නලින් කොස්වත්ත, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ජගත් නිශාන්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරී, සෙසුනිලයින් සහ සිවිල් සේවකයින් සහභාගි වූහ.

එමෙන්ම, 2021 නව වසරේ පළමු දින වැඩ කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් පැවැත්විණි.

එහිදී, ජාතික ධජය සහ යුද්ධ හමුදා ධජය ඔසවා දිනයේ වැඩ කටයුතු ආරම්භ කිරිම සනිටුහන් කෙරිනි. මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියලුදෙනා එක්ව ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්‍ෂා කළහ.

පසුව, රාජ්‍ය ප්‍රතිඥාව දිවුරුම්දීමෙන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන් නව වසර වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය කියවන ලදී. තවද, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සියලුම නිලධාරී, සෙසුනිලයින් සහ සිවිල් සේවකයින් අමතමින් නව වසරේ අපේක්‍ෂාවන් සාර්ථක කරගැනීම සඳහා ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කළේය.

මෙම උත්සවය අවසානයේ, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ලුතිනන් ක්‍රිෂාන්ත සමරසිංහ විසින් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳ දේශනයක් පවත්වමින් නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කරන ලදී.

එමෙන්ම, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, 2021 නව වසරේ පළමු දින වැඩ කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් ජාතික ධජය ඔසවා එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියිතු සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින්ට සුබපැතුම් පිරිනැමීය.

මෙම උත්සවයේදී රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කළ අතර රාජ්‍ය ප්‍රතිඥාව දිවුරුම්දීමෙන් අනතුරුව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (පුහුණු) විසින් යුද්ධ හමුදාධිපතිතුමන් නව වසර වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය කියවිය. ඉන් අනතුරුව, කිලිනොච්චි ආරක‍්‍ෂක සේනා ආඥාපතිතුමන් භටපිරිස් ඇමතීම සිදුකරන ලදී.

පසුව, කිලිනොච්චි මුලික රෝහලේ වෛද්‍ය නිලධාරීයෙකු විසින් කොවිඩ්-19 වෛරසය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ දේශයනයක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට සියලුම ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් සේවකයින් එක්ව සිටියහ. latest Nike Sneakers | Women's Nike Superrep