Header

Sri Lanka Army

Defender of the Nation

01st January 2021 21:17:05 Hours

මිරිදිය මත්ස්‍ය අභිජනනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සහාය

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් විසින් ඉදිකරන ලද මිරිදිය මත්ස්‍ය පොකුණට මසුන් 5000 ක් මුදාහැරීම ඉකුත් සෙනසුරාදා (26) දින සිදුවිය.

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සී.එස්. දේමිණි විසින් සංකේතාත්මකව පළමු මත්ස්‍යයින් පොකුණට මුදාහැරීයහ. මෙම අවස්ථාවට භටපිරිස් ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කුමාර හඳුන්මුල්ල ගේ උපදෙස් මත දඹුල්ල ජාතික ජලජිවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහාය ඇතිව නිලධාරී අණදෙන ඩබ්ලිව්.ආර්.සී. ප්‍රසන්න ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම මිරිදිය මත්ස්‍ය වගා ව්‍යාපෘතිය අතිරේක පෝෂණ ව්‍යාපෘතියක් ලෙස දියත් කෙරිණි.

මෙම අවස්ථාවට 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. latest Nike release | Jordan Shoes Sale UK