Header

Sri Lanka Army

Defender of the Nation

01st January 2021 20:47:05 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ නව වසරේ පළමු දින වැඩකටයුතු අරඹයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජනවාරි මස 01 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාල වෙත පැමිණිමෙන් අනතුරුව 2021 නව වසරේ රාජකාරී කටයුතු සංකේතාත්මකව ආරම්භ කෙරිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් චාරිත්‍රානුකූලව සංවිධානය කර තිබු තේපැන් සංග්‍රහයට එක්විය. මෙම අවස්ථාවට එක්වූ නිලධාරීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙම අවස්ථාවට තවත් සුවිශේෂිත්වයක් එක් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සේවය කරන සිවිල් සාමාජිකයින්ට නව වසර වෙනුවෙන් ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කෙරිණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාවට සහභාගි වූ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් උදාවූ නව වසර වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්‍ෂ සුනිල් දිසානායක මහතා, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ, අධ්‍යක්‍ෂ ජෙනරල් නාවික හා ගුවන් රියර් අද්මිරාල් රොහාන් ලේල්වල, අධ්‍යක්‍ෂ ජෙනරල් සම්බන්ධිකරණ ගුවන් කොමදෝරු රොහාන් හේමසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. jordan Sneakers | Air Jordan