Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2020 17:02:41 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කරයි

ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් මුලිතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් දෙසැම්බර් මස 22 වන දින ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව මුලන්කාවිල් පිහිටි මර්තා දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක ගේ උපදෙස් මත 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ඩබ්ලිව්. බණ්ඩාර ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදු කෙරිණි. latest Running | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov