Header

Sri Lanka Army

Defender of the Nation

04th January 2021 11:00:45 Hours

මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පළඳවයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 2021 නව වසරේ පළමු දින වැඩකටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් උසස්වීම් ලැබු බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකුට අද (01) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයේ ලාංඡන පැළඳවිය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස්දෙනෙකු මෙලෙස මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

ඒ අනුව, උසස්වීම් ලැබූ 59 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් මනෝජ් ලමාහේවා, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් අජිත් දිසානායක, බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ධම්මි හේවගේ, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න සහ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරී ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පැළඳවිය.

පසුව, නව උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සුබපැතුම් එක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳව ද සිය සුබපැතුම් එක් කළේය. Asics footwear | GOLF NIKE SHOES