Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2020 17:40:41 Hours

යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකු මේජර් ජෙනරල් නිලයට

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් තවත් බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස්දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

ඒ අනුව, 59 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් මනෝජ් ලමාහේවා, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් අජිත් දිසානායක, බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ධම්මි හේවගේ, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න සහ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරී ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් ලාල් චන්ද්‍රසිරි මෙලෙස මේජර් ජෙනරල් නිලයට උසස්වීම් කර ඇත. Best Authentic Sneakers | NIKE RUNNING SALE