Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2020 17:00:41 Hours

විදේශ රටවල සිට මෙරටට පැමිණි තවත් විදේශිකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 597 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 03 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර, තවත් පුද්ගලයින් දෙදෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි විදේශිකයින් ලෙස වාර්ථා වේ. ඉතිරි පුද්ගලයින් 592 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 256 ක් ලෙසය. ඊට අමතරව, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 211 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (01) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 39,549 ක් වේ. ඉන් පුද්ගලයින් 32,571 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (01) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 43,298 ක් වන අතර ඉන් පුද්ගලයින් 35,328 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (01) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 7,766 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (01) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 706 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (01) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් දර්ගා නගරය, ගලේවෙල, පැල්මඩුල්ල, කොළඹ 05 සහ හෝමාගම යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (01) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 204 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (01) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 30 දෙනෙක්, Q26944 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 35 දෙනෙක්, UL 605 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 290 දෙනෙක් සහ UL 607 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිට තවත් පුද්ගලයින් පිරිසක් මෙරටට පැමිණ ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත. අද (01) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 77 ක් තුළ පුද්ගලයින් 5,243 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (31) දිනය තුල PCR පරික්‍ෂණ 12,592 ක් සිදුකර ඇත. spy offers | Women's Designer Sneakers - Luxury Shopping