Header

Sri Lanka Army

Defender of the Nation

01st January 2021 17:30:58 Hours

ජෙනරල් නිලයට උසස්වීම් ලද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුද්ධ හමුදා මුලස්ථානයේදී හමුදා ගෞරවාචාර

මාතෘභූමියේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කරගැනීම උදෙසා සිදුකළ උත්තරීතර කැපකිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් පසුගියදා ජෙනරල් නිලයට උසස් කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවය බ්‍රහස්පතින්දා (31) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් 2020 දෙසැම්බර් මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමගින් රට වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකරනු ලබන ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ද ජෙනරල් නිලයට උසස් කරන ලදී.

බ්‍රහස්පතින්දා (31) දින හමුදා ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් හමුදා සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් යුද්ධ හමුදා මුලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා මුලස්ථානයේ මුලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී කර්නල් ඉන්දික පෙරේරා විසින් මහත් හරසරින් යුතුව පිළිගැනීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීය.

පසුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය විසින් යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසුනිලයින් 48 දෙනෙකුගෙන් සමන්විත රෙජිමේන්තු වර්ණ පෙරටුකරගත් වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා කැටුව යන ලදී. පෙළපාලියේ අණදෙන නිලධාරී සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සමගින් අභිමානවත් සම්මාන පෙළපාලිය නිරීක්‍ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය මහත් හරසරින් යුතුව පිරිනැමීය.

යුද්ධ හමුදා ඉතිහාසයට නව පිටුවක් පෙරලමින් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, උපදේශකයින්, අධ්‍යක්‍ෂවරුන් සිය සුභාශිංෂණ පිරිනැමීය.

සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව රැස්ව සිටි සියලුදෙනා ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන්, වෘත්තිය ජීවිතය පුරාවටම ලබාදුන් සහයෝගීත්වයට සියලුදෙනාට ස්තූතිය පුද කළ අතර ජෙනරල් නිලයට උසස් කිරීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ට ද ස්තූතිය පූද කළේය. රට වෙනුවෙන් දිවිපිදු හෝ තවමත් මිහිපිට සිටින ප්‍රවීණයන් සහ උපදේශකයින්ට සිය කෘතඥතාව පූද කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය නගාසිටුවීම සඳහාත්, ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්ය සඳහාත් සියලුදෙනා එක්ව දායකවන ලෙසත් ඉල්ලා සිටියේය. හමුදාවන්හි ප්‍රවර්ධනය යනු වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳ විශ්වාසය හා පිළිගැනීමක් පෙන්වීමක් පමණක් නොව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දියුණු වෙමින් පවතින වෘත්තීය ආයතනයක් බවටත් එය ආකර්ශනීය වෘත්තියක් බවටත් පත් කිරීමට සාක්ෂියක් බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී වැඩිදුරටත් පැවසීය. Nike air jordan Sneakers | Air Jordan