Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2020 18:07:17 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නව ඉදිකිරීම් විවෘත කිරීමට හා රණවිරු දූ පුතුන් වෙත පාසල් උපකරණ රැසක් බෙදාදීමට යුද්ධ හමුදාධිපතිතුමන් හා එම මැතිණිය එක් වේ

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නව ඉදිකිරීම් සහ සුභසාධන ව්‍යාපෘති කිහිපයක සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය එම රෙජිමේන්තු භටපිරිස් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.

ඉන් අනතුරුව, ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ විසින් එම රෙජිමේන්තුවේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ. පසුව, න්‍යායපත්‍රානුකූල ප්‍රථම අංගය වශයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම රෙජිමේන්තුවේ සරඹ භූමියේ පිවිසුමේ නවතමයෙන් ඉදිකළ අභිමානවත් මකර තොරණෙහි සමරු ඵලකය නිරාවරණය කරන ලදී.

න්‍යායපත්‍රයට අනුව, දෙවන අංගය වශයෙන් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අරමුදල් භාවිතා කරමින් එම භටපිරිස් විසින් නවතමයෙන් ඉදිකළ ගබඩා සංකීර්ණය ආගමික වතාවත් මධ්‍යයේ පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කරමින් එම රෙජිමේන්තු භටපිරිස්හී භාවිතය පිණිස විවෘත කරන ලදී.

එම කටයුතුවල සමාප්තියෙන් පසුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය හෙරලියාවල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මූලස්ථාන බලඇණියේ සංචාරය කළහ. එහිදී, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනකට ද ඔවුන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ඒකකයේ අනුග්‍රාහකත්වය මත දියත් කරනු ලැබූ මෙම වැඩසටහනේදී එම රෙජිමේන්තු සාමාජිකයින්ගේ පවුල්වල පෙර පාසල් ළමුන් සහ පාසල් සිසුන් 105 දෙනෙකු වෙත රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් පාසල් උපකරණ තොගයක් බෙදාදුන්හ. වත්මන් කොවිඩ් - 19 වෛරස් වසංගතය හේතුවෙන් සියලුම ප්‍රතිලාභින් වෙත එම අවස්ථාවට ආරාධනා කර නොතිබිණි.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවෙහි සේවා වනිතා ඒකකයේ සභාපතිනි මනෝජි ප්‍රනාන්දු මහත්මිය සහ එම රෙජිමේන්තු අධිපති විසින් මෙම අවස්ථාව වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සහ සුජීවා නෙල්සන් මහත්මිය උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එම්. තිලකරත්න විසින් පිළිගැනීමේ කථාව පවත්වනු ලැබීය.

නව අධ්‍යයන වර්ෂය වෙනුවෙන් ළමුන්ගේ භාවිතය සඳහා මෙම පරිත්‍යාග බෙදාදීම සඳහා ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සුජීවා නෙල්සන් මහත්මිය, මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි මනෝජි ප්‍රනාන්දු මහත්මිය ද එක්වූහ. එම ප්‍රතිලාභීන් අතර 2009 වර්ෂයට ප්‍රථම සාමය සඳහා වූ යුද්ධයෙන් දිවිපිදූ වීරෝදාර රණවිරු පියවරුන් 38 දෙනෙකු ගේ සහ සිවිල් සේවකයින් 05 දෙනෙකුගේ දුවා දරුවන් වෙත මෙහිදී එම පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබිණි.

මෙම අවස්ථාවේදී, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිය දේශනය සිදුකරමින් ප්‍රතිලාභ ලැබූ සිසුන් වෙත ප්‍රකාශ කළේ අනාගතයේදී රටේ විනයගරුක පුරවැසියන් ලෙස සේවය කිරීම වෙනුවෙන් සිය අධ්‍යාපන කටයුතු හොඳින් සිදුකරන ලෙසයි.

තවදුරටත් සිය දේශනය සිදුකරමින් යුද්ධ හමුදාධිපතිතුමන් 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කරන කාලයේදී මානුෂීය මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ලබාදුන් දායකත්වය පිළිබඳ සිහිපත් කළේය. එමෙන්ම, රට වෙනුවෙන් ජීවිතය පූජාකළ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරින් 37 දෙනෙකු සහ සෙසු නිලයින් 1221 දෙනෙකු වෙත සිය උපහාරය පුදකළේය. එම රෙජිමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජයශාන්ත ගමගේ සිදුකළ සේවය පැසසුමට ලක්කළ යුද්ධ හමුදාධිපතිතුමන් අන්තර් රෙජිමේන්තු සරඹ තරඟවලින් එම රෙජිමේන්තුව ලද ජයග්‍රහණ, පසුගිය අවුරුදු 18 තුළ අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශුරතාවයන් හිමිකරගැනීම, පසුගිය අවුරුදු 10 තුළ ලබාගත් කරාතේ ශූරතාවලීන් සහ පැරා ඔලිම්පික් ක්‍රිඩා සහ වෙඩි තැබීමේ තරඟාවලින්හිදී ලද ජයග්‍රහණයන් ද ඇගයීමට කළේය.

මෙහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකළ දේශනයේ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ: bridgemedia | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp