Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2020 10:15:38 Hours

221 වන බලසේනාවේ භටපිරිස් නත්තල වෙනුවෙන් ත්‍යාග බෙදාදෙති

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 2 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් එක්ව නත්තල් සැමරීම වෙනුවෙන් 2020 දෙසැම්බර් මස 22 දින සුවිශේෂි වැඩසටහනක් දියත් කරන ලදී. එහිදී, ඔවුහු ත්‍රීකුණාමලයේ පිහිටි ‘ජෙනී ළමා නිවාසයේ’ වෙසෙන ළමුන් වෙත දිවා ආහාර වේලක් පිරිනැමූ අතර, මෙම අවස්ථාව සඳහා කිතුණු පූජකවරුන් ද සහභාගී වූහ.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සහ අධීක්‍ෂණ කටයුතු 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම් විසින් සිදුකරනු ලැබිණි. Running sport media | Shop: Nike