Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2020 11:03:38 Hours

පුත්තලම සිරම්බිඅඩි ජනතාව සමඟ යුද්ධ හමුදාව නත්තල් සමරයි

අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකික ජනකොට්ඨාසයක් වාසය කරන පුත්තලම සිරම්බිඅඩි ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නත්තල් සැමරුම් උත්සවයක් යුද්ධ හමුදාවේ 58 වන සේනාංකය විසින් සංවිධානය කර තිබූ අතර එය කරුවලගස්වැව මීසම පාලක ගරු ෂෙහාන් ප්‍රනාන්දු පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

මෙම උත්සවයට සමගාමීව හේමාස් සමූහ ව්‍යාපාරයේ කණ්ඩායම් තිරසාරභාවය හා ආයතනික සන්නිවේදන පිළිබඳ සාමාන්‍ය අධිකාරිනි ශිරෝමි මාසකෝරාල මහත්මිය ඇතුළු එම සමාගමේ සාමාජිකයින්ගේ අනුග්‍රාහකත්වය ඇතිව 58 වන සේනාංකය වෙතින් ළමුන් සඳහා පාසල් උපකරණ, ක්‍රීඩා භාණ්ඩ සහ රෙදිපිළි බෙදාදීමේ වැඩසටහනක් දියත් කරනු ලැබූ අතර එම අවස්ථාවට 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ ආරාධනාවකට අනුව මහකොන්වැව චිත්ත සමාධි පාරමිතා විහාරස්ථානයේ කඩවත ධම්මදිස්සි හිමිපාණන් ද සහභාගී වූහ.

මෙම පරිත්‍යාග වැඩසටහනට සහභාගී වූ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් (විශ්‍රාමික) කුමුදු පෙරේරා ද ළමුන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනට එක්විය.

මෙම උත්සවයේදී, සිරම්බිඅඩි ගම්මානයේ වෙසෙන අප්‍රිකානු සම්භවයකින් සමන්විත ගම්වාසීන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නත්තල් කැරොල් සහ සාම්ප්‍රදායික නර්තනයන් එම අවස්ථාව වර්ණවත් කරනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයින් සහ එම ගම්වාසින් අතර සංහිඳියාව සංකේතවත් කරමින් ඔවුන් සූදානම් කර තිබූ විශේෂ දිවා භොජන සංග්‍රහයකට ද 58 වන සේනාංකයේ භටපිරිස් සහභාගී වූහ.

මෙම උත්සවයේ වැඩකටයුතුවල අවසානය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු සහ එම මැතිණිය අවට ගම්මානවල වෙසෙන ජනතාව වෙනුවෙන් ත්‍යාග පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් සහභාගී වූ අතර මෙම සියලු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්විණි. best shoes | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet