Header

Sri Lanka Army

Defender of the Nation

26th December 2020 12:20:58 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් කට්ටකරගවුකුඩුඉරිප්පු රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසල් සිසුන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරති

කොළඹ ප්‍රදේශයේ පදිංචි සමාජ සේවිකාවක් වන රෝසි තූරින් මැතිනියගේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් ලක්‍ෂ 3 ක පමණ වටිනාකමකින් යුත් පාසල් බෑග්, පොත්, සපත්තු, ප්‍රථමාධාර කට්ටල සහ ක්‍රීඩා උපකරණ වලින් සමන්විත පාසල් උපකරණ තොගයක් පේසාලේ පිහිටි කට්ටකරගවුකුඩුඉරිප්පු රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ තෝරාගත් සිසුන් 45 දෙනෙකුට පරිත්‍යාග කරනු ලැබූහ.

11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් එම පාසල් පරිශ්‍රයේ දී සංවිධානය කරනු ලැබූ මෙම උත්සවය සඳහා 543 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරාධ සෙනෙවිරත්න සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි මෙන්ම ප්‍රතිලාභ ලැබූ පාසල් සිසුන්ගේ දෙමව්පියන් ද සහභාගි වුහ.

2020 දෙසැම්බර් මස 19 දින පැවති මෙම පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන සඳහා 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් සහ සෙසු නිලයින් මෙන්ම 543 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සහභාගී වූහ. Nike air jordan Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092