Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2020 13:14:02 Hours

59 වන සේනාංකයේ භටපිරිස් එම සේනාංකයේ සංවත්සරය සමරති

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානයෙහි 13 වන සංවත්සර දිනය දෙසැම්බර් මස 13 දිනට යෙදී තිබුණු අතර, එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මනෝජ් ලමාහේවා ගේ සහභාගිත්වයෙන් එම සංවත්සර සැමරීම් මේ වනවිට පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යටතේ සිදුකරන ලදී.

එම සංවත්සර දින සැමරුම වෙනුවෙන් එම සේනාංකයේ භටපිරිස් ‘පලිමාකලිරි’ ළමා නිවාසයේ වෙසෙන කුඩා දරුවන් 20 දෙනෙකු වෙත වියලි සළාක, දිවා ආහාර සහ පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබූහ.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය වෙනුවෙන් එම සේනාංකයේ සියලු සාමාජිකයින් සහභාගී වූහ. best Running shoes brand | Nike Shoes