Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2020 13:12:02 Hours

64 වන සේනාංකයේ සංවත්සර දිනය සමරති

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංක මූලස්ථානයේ 12 වන සංවත්සරය දෙසැම්බර් මස 10 දිනට යෙදී තිබූ අතර එම සංවත්සර දින සැමරුම වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් පල්ලාවල සහභාගී විය.

බෞද්ධ හා හින්දු ආගමික වතාවත් මධ්‍යයේ සිදුකෙරුණු මෙම සංවත්සර සැමරුම් එම සේනාංක බලප්‍රදේශයේ පිහිටි මොණරගල රජමහ විහාරස්ථානයේ සහ ඔඩ්ඩුසුඩාන් පිහිටි සිවම් හින්දු කෝවිල් පරිශ්‍රයන්හිදී සිදුකරන ලදී.

සංවත්සර දිනයේ එම සේනාංකයේ භටපිරිස් විසින් සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව එතුමන් විසින් භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව පැවති දිවා භෝජන සංග්‍රහයෙන් සංවත්සර දින සැමරුමෙහි අවසානය සනිටුහන් විය. Asics footwear | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival