Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2020 13:10:02 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපතිතුමන් 14 වන සේනාංකයේ සංචාරයක නිරත වෙයි

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස නව ධූරයේ රාජකාරි ඇරඹූ මේජර් ජෙනරල් වසන්ත ආබෲ දෙසැම්බර් මස 16 දින 14 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එම සේනාංකය වෙත සපැමිණි ආඥාපතිතුමන් 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

ඉන් අනතුරුව, එම අවස්ථාව සඳහා සහභාගී වූ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති, 14 වන සේනාංකයේ සේනාංකාධිපති සහ එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාධිපතිවරුන් විසින් එම ප්‍රදේශවල ආරක්‍ෂක තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කළහ.

මෙම සංචාරය සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. affiliate link trace | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp