Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2020 11:55:12 Hours

මේ වනවිට මිනුවන්ගොඩ පොකුරෙහි සියලු ආසාදිතයින් සුවය ලබා ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 370 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් 06 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර ඉතිරි පුද්ගලයින් 364 දෙනා දේශියව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 101 ක් ලෙස වාර්ථා වේ. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 67 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 150 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (22) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 33,950 ක් වේ. ඉන් පුද්ගලයින් 25,274 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (22) දින උදෑසන වනවිට මිනුවන්ගොඩ ඇගළුම් කම්හල පොකුරට අයත් සියලුම ආසාදිතයින් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (21) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 37,630 ක් වන අතර ඉන් පුද්ගලයින් 28,681 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (21) දින වනවිට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 8,773 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (22) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්වලින් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 415 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (22) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී කිසිදු පුද්ගලයෙකු මියගොස් නොමැත.

අද (22) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 50 දෙනෙක්, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 35 දෙනෙක් සහ UL 554 දරණ මගී ගුවන් යානය මගින් ලෙබනන් සිට පුද්ගලයින් 27 දෙනෙක් මෙරටට පැමිණ ඇති අතර, තවදුරටත් අද (22) දිනය තුලදී, UL 471 දරණ මගී ගුවන් යානය මගින් කොරියාවේ සිට පුද්ගලයින් 283 දෙනෙක්, UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 23 දෙනෙක්, UL 504 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් රාජධානියේ සිට පුද්ගලයින් 26 දෙනෙක්, TK 730 දරණ මගී ගුවන් යානය මගින් තුර්කියේ සිට පුද්ගලයින් 10 දෙනෙක්, EK 648 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 90 දෙනෙක් සහ SQ 468 දරණ මගී ගුවන් යානය මගින් සිංගප්පූරුවේ සිට පුද්ගලයින් 05 දෙනෙක් මෙරටට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (22) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 72 ක් තුළ පුද්ගලයින් 6,473 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (21) දිනය තුල PCR පරික්‍ෂණ 13,860 ක් සිදුකර ඇත. Nike air jordan Sneakers | Nike Off-White