Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2020 13:02:02 Hours

නව නිලධාරින් වෙත ජනාධිපති අධිකාරියෙහි නිල ලාංඡන පළඳවති

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කොට සරඹ භූමියෙහි විසිරයන ලද නව නිලධාරින් වෙත ජනාධිපති අධිකාරියෙහි නිල ලාංඡන පැළඳවීමේ උත්සවය (18) දින එම විද්‍යාපීඨයේ පිහිටි සිනෝ - ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී (Sino-Lanka Friendship Auditorium) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාවට තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගීවනු ලැබිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සිනෝ - ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී පැවති මෙම උත්සවයේදී බොහෝ මතකයන්ගෙන් සපිරි දුෂ්කර පුහුණුවක නිරත වී විසිර යනු ලබන නිර්භීත යුද්ධ හමුදා නිලධාරින්ගේ උරහිස් මත නිල ලාංඡන පැළඳවීම සිදුකරනු ලැබිණි. සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම අවස්ථාව ඉතා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

මෙහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් නව නිලධාරීන් අධිකාරියට පත්කිරීම සනිටුහන් කරමින් ඔවුන්ගේ උරහිස් මත නිල ලාංඡන පළඳවනු ලැබූ අතර එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් 184 දෙනෙකු සහ විදේශිය නිලධාරින් තිදෙනෙකු (මාලදිවයිනේ - 01, සැම්බියානු - 02) වෙත නිල ලාංඡනයෙන් සරසනු ලැබිණි. මීට පෙර අවස්ථාවලදී නව නිලධාරින්ගේ දෙමව්පියන් විසින් තම දූ පුතුන්ගේ උරහිස් මත නිල ලාංඡන පැළඳවූ අතර කොවිඩ් - 19 වෛරස් වසංගතය හේතුවෙන් මෙවර ඔවුන්ට සහභාගී වීමට නොහැකි විය. Asics footwear | NIKE