Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2020 16:54:30 Hours

නිරීක්‍ෂණ සංචාරයක නියැළෙන විදේශිය ආරක්‍ෂක උපදේශකවරුන් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පැමිණේ

උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත විදේශිය ආරක්‍ෂක උපදේශකවරුන්, ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් එම සංචාරය අතරතුර 2020 දෙසැම්බර් මස 14 දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

එම ආරක්‍ෂක උපදේශකවරුන් ඇතුළු පිරිස ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, ඉන්දියාව, මාලදිවයින, පකිස්ථානය, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් නියෝජනය කරමින් පැමිණ සිටියහ. එහිදී, වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් සිදුකරනු ලබන ව්‍යාපෘති පිළිබඳ විද්‍යුත් මාධ්‍ය ඉදිරිපත් කිරීමක් තුලින් ඔවුන් දැනුවත් කෙරිණි. ඉන් අනතුරුව, නර්තන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලැබූ සංස්කෘතික නර්තනයන් සියැසින් දැක විනෝදාස්වාදයට පත් වූ ඔවුන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. පසුව, එම පිරිස වෙනුවෙන් සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහයක් සඳහා ද ඔවුන් සහභාගී වූහ. මෙම වන්නි සංචාරයෙන් පසු ඔවුන් ත්‍රිකුණාමලය වෙත පිටත්ව යාමට සූදානම්ව සිටි අතර ආරක්‍ෂක සේනා මූලස්ථාන සමරු සටහන් පොතේ සමරු සටහන් තබමින් එම පරිශ්‍රයෙන් පිටව ගියහ. වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පැමිණීම වෙනුවෙන් ඔවුන් වෙත සමරු තිළිණ ද පිරිනැමිණි.

මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානි බ්‍රිගේඩියර් නලින් කොස්වත්ත, කර්නල් මාණ්ඩලික ප්‍රධානි කර්නල් කේ.එම්.වී. කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ. Best jordan Sneakers | Men’s shoes