Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2020 17:14:56 Hours

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 8 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් නිශාන්ත හේරත් පසුගිය බදාදා (16) දින සිය රාජකාරි කටයුතු භාරගනු ලැබිණි.

එම විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් දර්ශන විජේසේකර, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් ලලිත් හේරත් සහ එම විද්‍යාලයේ සියලුම අංශ ප්‍රධානින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව, එතුමන් විද්‍යාල පරිශ්‍රයේ නා පැළයක් ද රෝපණය කිරීමෙන් අනතුරුව විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් හා කාර්ය මණ්ඩලය ඇමතීම සිදුකරන ලදී.

සිය දේශනයේදී, වැඩ කරන පරිසරයක් සහ ඒකාබද්ධ අන්තර් සේවාවන් පිළිබඳ අවබෝධයක් ඇති කාර්යයන් සහ කාර්ය මණ්ඩල ශිල්පීය ක්‍රම උපයෝගී කර ගැනීමේ කලාව පිළිබඳව ශිෂ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව එතුමන් අවධාරණය කළේය. එමෙන්ම, අන්තර් සේවා මෙහෙයුම් සහ ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්ති සකස් කිරීමේ යාන්ත්‍රණයේදී ආරක්‍ෂක හමුදාවන් මූලික සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කළයුතු බව ද එතුමන් වැඩිදුරටත් අවධාරණය කළේය.

මේජර් ජෙනරල් නිශාන්ත හේරත් සිය නව ධුරයේ රාජකාරි භාරගැනීමට පෙර යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරල් ලෙස සේවය කරනු ලැබූ අතර, මෙම ධුරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 56 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් නිශාන්ත හේරත් මෙම විද්‍යාලයේ නව සේනාවිධායක ලෙස රාජකාරි අරඹනු ලැබිණි. Sports brands | Women's Designer Sneakers - Luxury Shopping