Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2020 17:30:33 Hours

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ 56 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා සංඥා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය (16) දින ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සිය කාර්යාලයේදී නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරී කටයුතු භාරගත්තේය. නව ධුරයේ රාජකාරි භාරගැනීම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන්ට සුබපැතුම් ද එක්කළේය.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස රාජකාරි සිදුකරන ලදී.

මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1985 ඔක්තෝබර් මස 07 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ මේජර් ජෙනරල් ඩී.ඒ. ප්‍රභාත් දෙමටන්පිටිය 1986 ජූලි මස 24 දින දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත්විය. සිය මූලික හමුදා පුහුණුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සහ පකිස්තාන නිලධාරී පුහුණු පාසලේදී සම්පූර්ණ කර ඇත. තරුණ නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත අනුයුක්ත කරන ලද එතුමන් 1988 ඔක්තෝබර් මස 07 දින ලුතිනන් නිලයට උසස්වීම් ලබන ලදී. ඉන් පසුව, 1990 ජනවාරි මස 11 දින කපිතන් නිලයේත්, 1994 නොවැම්බර් මස 01 දින මේජර් නිලයේත්, 2005 මැයි මස 10 දින ලුතිනන් කර්නල්වරයෙකු ලෙසත්, 2008 ජනවාරි මස 31 දින කර්නල් නිලයේ සහ 2010 ඔක්තෝබර් මස 05 දින බ්‍රිගේඩියර් නිලයේත් රාජකාරි හෙබවූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2016 නොවැම්බර් මස 01 දින මේජර් ජෙනරල් නිලයට උසසවීම් ලබන ලදී.

මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය 33 වසරක යුද හමුදා සේවා කාලය තුළ යුද්ධ හමුදාවේ සහ රෙජිමේන්තුවෙහි ප්‍රධාන මාණ්ඩලික හා උපදේශක තනතුරු රැසක් හොබවා ඇත. රෙජිමේන්තු මට්ට්මින් එතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථාන විධායක නිලධාරි, සංඥා පුහුණු පාසලේ සේනාවිධායක, 1 වන සංඥා බලසේනාවේ මාණ්ඩලික නිලධාරි, 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි සහ සංඥා බලසේනාවේ බලසේනාධිපති වැනි තනතුරු හොබවා ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, 23 වන සේනාංකයේ කර්නල් මාණ්ඩලික ප්‍රධානි, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික අධ්‍යක්‍ෂ, 523 සහ 552 වන බලසේනාවන්හී බලසේනාධිපති, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ වැනි තනතුරුවල ද එතුමන් සේවය කර ඇත. ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධුරයට ප්‍රථම එතුමන් 56 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද රාජකාරි කරනු ලැබීය. මීට අමතරව යුද්ධ හමුදා වූෂු කමිටුවේ වත්මන් සභාපති ධූරයේ ද එතුමන් සේවය කරනු ලබයි.

සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු වන මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය 2001 වසරේ හොඳම පර්යේෂණ පත්‍රිකාව නිෂ්පාදනය කිරීම වෙනුවෙන් රන් පන්හිඳ සම්මානයෙන් ද පිදුම් ලබා ඇත. තවද, එතුමන් පකිස්තානයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සාඩම්බර ආදි ශිෂ්‍යයෙක් ද වේ. එමෙන්ම, පකිස්තාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජාතික ආරක්‍ෂාව සහ යුද අධ්‍යයනය පිළිබඳ MSc උපාධිය මෙන්ම කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ MBA උපාධියක් ද ලබා ඇත. මේජර් ජෙනරල් ඩී.ඒ. ප්‍රභාත් දෙමටන්පිටිය කොළඹ නාලන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් ද වේ. trace affiliate link | UOMO, SCARPE