Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2020 12:01:03 Hours

66 වන සේනාංකයේ 11 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරති

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ 11 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ මඟපෙන්වීම යටතේ 2020 දෙසැම්බර් මස 10 දින පැවැත්විණි.

මානුෂීය මෙහෙයුමේදී, 2008 නොවැම්බර් මස 15 දින 58 වන සේනාංකය විසින් පූනරින් නගරය උපායමාර්ගිකව අත්පත් කරගැනීමෙන් පසුව, ඒ වෙනුවෙන් දායක වූ එම සේනාංකයේ කාර්ය සාධක බලකාය වර්ෂ 2009 දෙසැම්බර් මස 10 දින 66 වන පාබල සේනාංකය ලෙස ස්ථාපිත කරන ලදී.

එහිදී, සේනාංකාධිපති කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් ඇමතීම සිදුකරන ලදී.

මෙම සංවත්සර උත්සවයේ අවසානය සනිටුහන් කරමින් සියළු නිල තේ පැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විනි. Asics footwear | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf